කදු පාර………1
මේ කතාව කදුකරේ සිදුවුනු කතාවක් නෙමෙයි. නව නුවර පාරේ පාට පාට සමර ගාපු ඒ බිල්ඩිමට බස් නැවතුම් දෙකකට කලින් තිබුණු පාරක්.
නව නුවර පාරේ දුහුවිලි පීරාගෙන ඉදිරියට ඇදෙන යකඩ කදන් අවුලුවාලන දුහුවිල්ල කාස්ටක සුලන් රොද සමග එක්ව කඩ පිලට හමා එයි.මා දුම් වැටිය තුලින් ඒ කාස්ටක වායුව තවත් ගිනියම් කර පෙනහලු තුලට පුරවා ගන්නෙමි.හදවත පෙනහලු තුලට මැදිව කොතරම් දුක් විදිනු ඇතිද,
“මයෙ පුතේ හවහේ වැස්ස ඒවී වගේ නේද”
“ඔව්”
එයා ඒවී කොයිවෙලාවක හරි ඒවී.මා මිමිනුවෙමි.
“කවුද පුතේ එන්නේ” මා දැහැන බිදුනි මාදෙස බලා සිටිනුයේ කඩේ සිටි ආච්චි අම්මාය.
“යාලුවෙක්, කැප්ටන් තියෙනවද?” මා වචන වලින් දමා ගැසුවෙමි. කොහේවත් යන මට කට පුරා මයෙ පුතේ කී ඇයට මා එලෙස සැහෙසී වුවේ ඇයි මා අදත් තැවෙමි. එහෙත් දින ගනනාවක් පුරා කදු පාර අග සිට මුරකළ මා හෙම්බත්ය.
මා තවත් වතාවක් කදු පාර අසලට ගියෙමි.මේ දින කීපයට මා සියක් වතාවකටත් වඩා මෙදෙස බලා සිටින්නට ඇත. එහෙත් ඇය අදත් නැත. මා හොදින්ම දුටුවෙමි පෙරදා ඇය නොපෙනී ගියේ මෙතැනින්මය…………………………………………………………………..,
ස්ටයිල් එක නම් වරදක් නැත. තව පොඩ්ඩක් ලිව්වනම් හොන්ඳයි වගේ කියල හිතුන.
ReplyDelete