Friday, May 10, 2013

අපි අසරණ වෙලාවගේ හිතට දැනෙනවා……

සීතලට කන් දෙක බොලොක් වෙලා අත පය හිරිවැටිලා තොල කට වේලිලා ඉල්ලන් කෑවා නේද ? ඉල්ලන් කෑවා නේද? පපුවේ ලබ් එක කියනකොට අදත් පජාතයි! අදත් පජාතයි! ඩබ් එක කෑ ගහනවා.

මට තිබුනේ ගේට්‍ටුවෙන්ම මාරුවෙන්න මොනා කරන්නද සිකුරුටි මහත්තයා චුට්ටක් කැපුවට පස්සේ පිළිගන්න තැන හිටපු සුකිරිබෝලේ තව චුට්ටක් කැපුවා සිංහල ලේ චුට්ට චුට්ට වහනය වෙත්දී මම කොහොම හරි ඔලුව කෙලින් තියාගෙන හිටියා.

මලයණ්ඩි… මලයණ්ඩි එක පාරටම ඉස්සරහ එල්ලලා තිබුනු ප්ලස්මා තිරෙන් ඔලුව එලියටදාපු උඩු‍රැවුල දෙපැත්තට දිගට ඇදුනු වීර අයියා කෙනෙක් මට කතාකලා. බලපන් මල්ලී අපේ හපුච්චා කියන එකා රා පොල්කට්ට කටේ තියාන උන්නා මිසක මන් වගේ තව එකෙක් හැදුවෙ නැහැනේ බොල එහෙනම් උබලට මෙහෙම දුක් විදින්න මම ඉඩ තියන්නේ නැහැ නෙවැ” වීර අයියා සිංහනාද කරා ” මේවා අපේ මහ එවුන්ගේ වැරදි බොලවු මට දුකයි මල්ලියේ උබලා ගෙන ඉක්මනට බේරිලා මෙතනින් මාරුවෙයන්”. වීර අයියා යන්ට ගියා. ඇත්ත තමයි මේවා අපේ මහ එවුන්ගේ වැරදී මම කෙදිරී ගෑවා.

මම මාරුවෙනවා අගලයි පු‍ටුවෙන් ඉස්සෙන්න ලැබුණේ සුකිරිබෝලේ තොල් දෙක වුල් කරගන්නවා දැක්ක මම නිකන්ම පු‍ටුවට බර වුනා. මන්නපාර ඉවසාහැකි බ්ලේඩ්තල පාරනේ රිදෙන්නේ මම පු‍ටුවට තවත් බරවුණා.

ආයේ පාරක් ප්ලස්මා තිරෙන් කන්දක් තරම් උස ලොකු කෙක් එකක් ලග පොඩියට හිටගෙන ඉන්න මංගල ජෝඩුවක් පෙන්නුවා. කේක් කාලාම මහත්වුනු බවලතෙක් මනාල ජෝඩුවගේ තේමාව හොදට ඉස්මතු වෙන්න කේක් එක හැදුවේ කියලා කිව්වා. කේඩෑරි වෙලා හෙම්බාවුනු මනාලයා දකිත්දී මට තේමාව අප්සැට් කියලා තේරුණා .යකෝ පත කේක් එකක් ලග දියවුනු මනාල ජෝඩුවක් මාරයිනේ. එතකොටම සුදු මැණික මගේ ඉහ ගෙඩිය ඇතුලේ ඉදන් රවනවා වගේ තේරුණු නිසා මම ඒ තේමාව සුපිරි එකක් කියලා ස්තිර කරා.ඇරුණු දොරෙන් එලියට ආපු වධකයා මට ලාමක හිනාවක් දාලා පුන්චියට බ්ලේඩ් තල පාරක් දුන්නා.මට දැන් රිදෙන්නේ නැහැ යකෝ මට දැන් ඕවා කාලාම පත්තියම් වෙලා ඉන්නේ හිතෙන් කියන ගමන් මම උගේ දිහා ඇස් ලොකුකරලා බැලුවා.මම දැක්කා කාමරේ ඇතුලේ වදක පොල්ල බෙල්ලේ එල්ල ගත්තු ලොකු මහත්වරු මට කොටන්න බලන් ඉන්නවා මම කාමරේ ඇතුලට ගියා නෙමේ මම ආදරේ කරපු මට ආදරේ කරනවා කියලා හිතපු කස්ටිය මට මතුරලා තිබුණු නිසා මාව නිකන්ම ඒ කාමරේට ඇදිලා ගියා.කාමරේ ඇතුලෙදී ගොඩක් සිංහල ලේ ගලාගෙන ගියා මම සුදුමැලි වුණා.යන්න කියපු ගමන් මම එලියට පැනගත්තා. බොදවුණු ඇස් දෙකට කනාවට පෙන්නන පාර දිගේ මම අමාරුවෙන් ඇදිලාගියා.

ගේට්‍ටුව ලගද මන්දා හිටපු සිකුරුටි මල්ලී කෙනෙක්

”මචං ඉන්ටර්වීව් එක දැන්ද ඉවරවුනේ” ඇහුවා මම එක පාරටම පැනපු ගමන් වුව බදාගෙන ඉබගෙන ඉබගෙන ගියා මගේ ඇස් නිලංකාරවුණා.

කදු පාර………1

කදු පාර………1

 

 

  

 

 

මේ කතාව කදුකරේ සිදුවුනු කතාවක් නෙමෙයි. නව නුවර පාරේ පාට පාට සමර ගාපු ඒ බිල්ඩිමට බස් නැවතුම් දෙකකට කලින් තිබුණු පාරක්.

නව නුවර පාරේ දුහුවිලි පීරාගෙන ඉදිරියට ඇදෙන යකඩ කදන් අවුලුවාලන දුහුවිල්ල කාස්ටක සුලන් රොද සමග එක්ව කඩ පිලට හමා එයි.මා දුම් වැටිය තුලින් ඒ කාස්ටක වායුව තවත් ගිනියම් කර පෙනහලු තුලට පුරවා ගන්නෙමි.හදවත පෙනහලු තුලට මැදිව කොතරම් දුක් විදිනු ඇතිද,

“මයෙ පුතේ හවහේ වැස්ස ඒවී වගේ නේද”

“ඔව්”

එයා ඒවී කොයිවෙලාවක හරි ඒවී.මා මිමිනුවෙමි.

“කවුද පුතේ එන්නේ” මා දැහැන බිදුනි මාදෙස බලා සිටිනුයේ කඩේ සිටි ආච්චි අම්මාය.

“යාලුවෙක්, කැප්ටන් තියෙනවද?” මා වචන වලින් දමා ගැසුවෙමි. කොහේවත් යන මට කට පුරා මයෙ පුතේ කී ඇයට මා එලෙස සැහෙසී වුවේ ඇයි මා අදත් තැවෙමි. එහෙත් දින ගනනාවක් පුරා කදු පාර අග සිට මුරකළ මා හෙම්බත්ය.

මා තවත් වතාවක් කදු පාර අසලට ගියෙමි.මේ දින කීපයට මා සියක් වතාවකටත් වඩා මෙදෙස බලා සිටින්නට ඇත. එහෙත් ඇය අදත් නැත. මා හොදින්ම දු‍ටුවෙමි පෙරදා ඇය නොපෙනී ගියේ මෙතැනින්මය…………………………………………………………………..,